Patrocinado

ඇයටත් නොදැනුවත්ව, ඔහු වෙනත් පෙම්වතියකගේ ආදරය සොයමින් ගියා. ඒත්, ඔහුගෙන් ඇයට මිදීමක් ලැබී නොහැකිවුණා. පෙම්වතා සමඟ විවාහවීමට සූදානම් බව කියා නිවසෙන් පිටවුණු ඇයට අත්වූ දුකුණු ඉරණම ගැන ඇසෙන කතාව මෙන්න...

1
13K
කාලයක පටන් පැවති ආදර සම්බන්ධය හිටි හැටියේම නවතින්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා වුණත්, ඇයට ඔහුගෙන් ගැලවීමක් නම් ලැබුණේම නැහැ..


ඔහු ඇත්තටම දැඩි හදවතක් ඇති අයෙක්.. නැත්නම් කොහොමද මෙහෙම අපරාධයක් කරන්නේ..? මේ පුවත කියවන ඕනෑම කෙනෙක්ට එහෙම හිතේවි.. ඇගේ ජීවිතයට ඔහු කළ මේ අපරාධයට නීතියෙන් නිසි දඬුවම් හිමිවේවිද..?

ඉන්දියාවේ කුන්ටි දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක දී පෙම්වතා විසින් සිය පෙම්වතියගේ ගෙල සිරකර තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇයගේ සිරුර කොටස් 40ත් 50ත් අතර ප්‍රමාණයකට කපා වන සතුන්ට කෑම සඳහා කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

25 හැවිරිදි මෙම පුද්ගලයා තමිල්නාඩුවේ මස් කඩයක සේවය කරන අයෙකු බවයි වාර්තා වෙන්නේ..

මෙම සිද්ධියෙන් දෙසතියකට පමණ පසු මෙම ඝාතනය අනාවරණය වී ඇත්තේ, මිනිස් සිරුරු කොටස් සමග බල්ලෙකු එම ප්‍රදේශයේ සැරිසරනු දැකගැනීමට හැකිවීමෙන්..

තරුණයා වසර කිහිපයක සිට මියගිය 24 හැවිරිදි තරුණිය සමග සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර, ඔහු ඇයට කිසිවක් නොපවසා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන තිබෙනවා..

පොලිසිය පවසන්නේ ඔහුගේ විවාහය පිළිබඳ නොදන්නා තරුණිය ඔහුට නැවත ඇයගේ ප්‍රදේශයට පැමිණෙන ලෙස බලපෑම් කර ඇති බවයි..

වාර්තා සඳහන් කරන අන්දමට ඔවුන් දුම්රියකින් ඔහුගේ ගමට ගොස් ඇති අතර, ඔහු ඇයව දූෂණය කිරීමෙන් පසුවයි ඝාතනය කර ඇත්තේ..

කෙසේ වෙතත්, මෙම කාන්තාව දුම්රියට නැග සිය පෙම්වතා සමග ජීවත් වීමට යන බව මවට දන්වා ඇති බවයි පොලිසිය පවසන්නේ..

සිරුරේ කොටස් ගොඩගැනීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ බඩු බාහිරාදිය සහිත බෑගයක් ද කැලෑවේ තිබී සොයාගෙන තිබෙන අතර, කාන්තාවගේ මව එම බඩු සිය දියණියගේ බවට හඳුනාගෙන තිබෙනවා..

මෙම අපරාධය පිටුපස සිටින පුද්ගලයා පිළිබඳව මව සැක කර ඇති අතර, ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාන්තාව කැබලිවලට කපා දැමූ බව පිළිගෙන තිබෙන බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ..
Sad
2
Patrocinado
Pesquisar
Categorias
Leia Mais
Outro
සමාධි අක්කගෙ ලැජ්ජාව 24
සිතුමිගේ කාමරයට ගොස් ඇය තවමත් නිදාගෙන ඇත්දැයි බලා නැවත හෂිණි, කලණ සහ සිතුමි සිටින කාමරයේ දොර...
Por Wala Katha 2025-05-28 14:50:56 0 3K
Outro
ගයේෂ් මාව සතුටු කරපු හැටි
කාලෙකින් වැස්සෙ නැති පොළොන්නරුවෙ තිබුනෙ ඉවසන්න බැරි තරම් රස්නයක්….. රෑ 10 ත් පහුවෙලා...
Por Wala Katha 2025-05-16 09:48:58 0 4K
Outro
බස් එකේ නංගියා 3
එදා මම කතාව නැවැත්තුවේ සෞම්‍යාව මගේ ඇනෙක්ස් එකට එක්ක යන්න තීරණය කල තැනින්නෙ.එහෙට එක්ක යන්න...
Por Wala Katha 2025-05-07 13:59:41 0 3K
Outro
Champika 03 – චම්පිකා 03
ඒත් පුතා එක්ක ඊළඟ සහ අන්තිම ලිංගික ක්‍රියාකාරකම කරන්න අවස්තාව අවේ ඊට මාස 10කට විතර පස්සෙ. ඒ...
Por Wala Katha 2025-05-07 08:38:55 0 5K
Outro
සමාධි අක්කගෙ ලැජ්ජාව 19
ටවල් එක ඇඳගෙන සිතුමිත් කලණත් සමාධි සහ හෂිණිත් ළිඳට ගියෝය. සිතුමි ටවල් එක ගලවා දමා නිරුවත් විය....
Por Wala Katha 2025-05-28 14:43:36 0 3K
Patrocinado